හෙට සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

Share

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් හෙට දින සිට අපේක්ෂා කෙරේ.

මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇත.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

Read more

Local News