අහුන්ගල්ල වැලිකන්ද ප්‍රදේශයේ දී නීති විරෝධී ලෙස උපයාගත් මුදල්වලින් ලබා ගත් යතුරු පැදියක් සහ ෆ්‍රීසරයක් සහිත ලොරි රථයක් සමඟ සැකකාරියක් ඊයේ (21) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයෙන් කරන ලද පැමිණිල්ලක් මත නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසිනුයි අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 39 ක අහුන්ගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්.
මෙම කාන්තාව අහුන්ගල්ල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් නිතී විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.