තියුණු ආයුධයකින් පුද්ගලයෙකුට පහරදීමක්

Share

බඩල්ගම පොලිස් වසමේ අඹගහහේන ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකර තිබෙනවා.

තුවාලකරු මීගමුව රෝහල වෙත ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටින බවයි වාර්තා වන්නේ.

තුවාලකරු වයස අවුරුදු 33 ක් වන බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පැරණි ආරවුලක් හේතුවෙන් මෙම තුවාල සිදුකර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News