ළිඳකට වැටී පුද්ගලයෙක් මරුට

Share

මහවෙල පොලිස් වසමේ තැඹිලිදෙණිය ප්‍රදේශයේ පුද්ගලයෙකු ළිඳකට වැටී අසාධ්‍ය තත්ත්වයෙන් මාතලේ රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 35 ක් වන තැඹිලිදෙණිය, මහවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මරණකරු මී මැස්මොර රෝගයෙන් පෙළෙන පුද්ගලයෙකු බවට සිදු කළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News