කැබිතිගොල්ලෑව පොලිස් වසමේ කුඩා පුලියන්කුලම ප්රදේශයේ පුද්ගලයෙකු නැවත නිවසට නොපැමිණි බවට ලද පණිවිඩයක් මත ප්රදේශ වාසීන් හා එක්ව පරීක්ෂා කිරීමේ දී එම පුද්ගලයාගේ මෘත ශරීරය සොයා ගෙන තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 48 ක් වන පුලියන්කුලම, කැබිතිගොල්ලෑව ප්රදේශයේ පදිංචිකරුවෙක්.



