මුදල් හා දේපල කොල්ලකෑමක්

Share

පමුණුගම පොලිස් වසමේ දෑලතුර ඇලබැම්ම ප්‍රදේශයේ දී අන්තර්ජාලයේ පලකර තිබූ වෙළද දැන්වීමක් අනුව යතුරු පැදියක් මිලදී ගැනීමට ලොරි රථයකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකුට මාර්ගයේ සැඟව සිටි පුද්ගලයින් සිව්දෙනෙකු විසින් තියුණු ආයුධවලින් හා යකඩ පොල්ලකින් පහරදී රුපියල් 132,000/-ක මුදලක්, ජංගම දුරකථන පහක්, ලොරි රථයේ ආයුධ කට්ටලය, රන්මාලයක් හා අත්පලදනාවක් කොල්ලකා පලාගොස් තිබෙනවා.

පහරදීමෙන් තුවාල ලැබූ වයස අවුරුදු 29 ක් වන කිරිදිවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මුදල් හා දේපල කොල්ලකන ලද සැකකරුවන් හදුනාගෙන ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා පමුණුගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News