මෙරට සියලු පෙර පාසල් එකම රාමුවකට ගෙන ඒම අරමුණයි – අධ්‍යාපන ඇමති කියයි

Share

වයස අවුරුදු තුනත් පහත් අතර දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් දැනට ක්‍රියාත්මකව පවතින මෙරට සියලු පෙර පාසල් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුගතව එක් පොදු රාමුවකට ක්‍රියාත්මක කිරීම තම අරමුණ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අධ්‍යාපන අමාත්‍යතුමාගේ සංකල්පයකට අනුව නුපුහුණු පෙර පාසල් ගුරුවරුන් වෙත විධිමත් පුහුණුවක් ලබා දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේ මෙහෙයවීම යටතේ ජාතික අධ්‍යාපන අයාතනය විසින් ලබාදෙන මෙම පුහුණු වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට එක්වෙමි්න් අමාත්‍යවරයා මේ අදහස් පළකළා.

මෙරට පෙරපාසල් 19000 ක පෙර පාසල් ගුරුවරුන් 34000 ක් පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් නිරතව සිටින බවත් ඔවුන් අතර විධිමත් පුහුණුවක් ලද පෙර පාසල් ඩිප්ලෝමාධාරින් සිටිනුයේ 6000 ක් පමණක් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ලොව බොහෝ දියුණු රටවල පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් සුවිශේෂී අවධානය යොමු කරන නමුත් මෙතෙක් මෙරට පූර්ව ළමා විය සංවර්ධනය වෙනුවෙන් නිසි අවධානයක් යොමු කර නොමැති බවද පෙන්වා දුන්නා.

ඊට අදාල නිවේදනය පහතින්,

Read more

Local News