සීගිරිය පොලිස් වසමේ උඩවලයාගම ප්‍රදේශයේ දී ගසක අතු කපමින් සිටි පුද්ගලයෙකු විදුලි සැර වැදී රෝහලට ඇතුලත් කිරීමේ දී මියගොස් ඇති බවට සීගිරිය පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 37ක් වන උඩවලයාගම, සීගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු ගස් කැපීම රැකියාව වශයෙන් සිදු කරනු ලබන අතර, ගසක අතු කපමින් සිටිය දී අත්තක් විදුලි රැහැන්වල ගැටී විදුලි සැර වැදී මියගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.



