බෙලිඅත්ත පස් පුද්ගල ඝාතනයට අනුබල දුන් සැකකාරියන් 2ක් අත්අඩංගුවට

Share

බෙලිඅත්ත දක්ෂිණ අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ දී පුද්ගලයින් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආධාර අනුබල ලබා දුන් සැකකාරියන් දෙදෙනෙකු ඊයේ (29) හක්මණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රත්ගම ප්‍රදේශයේදී යි.

අදාළ සැකකාරියන් 23 හැවිරිදි සහ 33 හැවරිදි බූස්ස ප්‍රදේශයේ පදිංචිකාරියන් බවයි වාර්තා වන්නේ.

අපරාධය සිදුකිරීමට යොදාගත් ගිනි අවි දෙක අපරාධය සිදුකිරීමෙන් පසු මෙම එක් සැකකාරියකට අයත් යතුරු පැදියකින් කරාපිටිය ප්‍රදේශයේ සිට බූස්ස ප්‍රදේශයට ප්‍රවාහනය කර ඇති බවට සිදු කල විමර්ශනවල දී කරුණු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් හක්මණ පොලිසිය මගින් වැඩිදුරටත් විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News