මුදල් වංචා කළ තරුණයෙක් අත්අඩංගුවට

Share

අන්තර්ජාලයේ මුදල් ආයෝජනය කරදෙන බව පවසා රුපියල් 1,567,000 ක මුදලක් වංචා සහගත ලෙස බැංකු ගිණුමකට තැන්පත් කරවා ගත් පුද්ගලයෙකු ඊයේ (29) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 22 ක හිරිපිටිය, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News