කැලණිය විශ්වවිද්‍යාලයේ ඇති වී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් මහා ශිෂ්‍ය සංගමය හා විශ්ව විද්‍යාල පාලනාධිකාරීය අතර සාකච්ඡාවක් අද (30) පැවැත්වීමට නියමිතයි.
සිසුන් පරිපාලන ගොඩනැගිල්ලට ඇතුළු වීම හේතුවෙන් පරිපාලන කටයුතූ සිදු කිරීමට හැකි වී නැති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.
ඊයේ රාත්‍රියේ කැලණිය විශ්ව විද්‍යාලයේ සිසුන් කොළඹ නුවර මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වුණා.
ඔවුන් විසුරුවා හැරීමට පොලීසි ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබුණා.