වෙනසක් හදන වසරක් ” තේමාව යටතේ සමගි ජනබලවේගය පවත්වන විරෝධතාවය අද (30) කෙළඹදී පැවැත්වීමට නියමිතයි.
පස්වරු 1.30 ටයි මෙම විරෝධතා පා ගමන ආරම්භ වීමට නියමිතව ඇත්තේ.
මේ සම්බන්ධයෙන් එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද මාධ්‍ය වෙත අදහස් පළ කළා.
මේ අතර විපක්ෂ නායකයා ඇතුළු තිදෙනෙකුට මාලිගාවත්ත පොලිස් බල ප්‍රදේශයේ මහජනතාවට හෝ පදිකයන්ට බාධා වන සේ විරෝධතා පැවැත්වීම වළක්වාලමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.



