වාලච්චේන,කාලිකෝවිල පාර ප්‍රදේශයේ දී ඊයේ (31) අළුයම කාන්තාවකට වන අලියෙකු පහරදීමෙන් මිය ගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 44 ක වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකාරියක්.
අදාළ කාන්තාව නිවස ආසන්නයේ සිටිය දී ඇයව වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සිදුකල විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



