අනුරාධපුරය, ඒ- 20 මාර්ගයේ මාන්කඩවල ප්‍රදේශයේ දී ඊයේ (31) අළුයම කැබ් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්‌ගයෙන් ඉවතට පැන කුඹුරු යායකට පෙරලී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ පිටුපස ගමන් කල පුද්ගලයින් 05 දෙනෙකු අනුරාධපුරය රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 62 ක අංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුරය පොලිසිය විසින් වැඩිදුර විර්මශන සිදුකරනු ලබනවා.



