නිවසක් ලබා දෙන බවට පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් වංචා කළ පුද්ගලයෙකු ඊයේ (31) දහවල් කොටුවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨායේ නිලධාරින් විසිනුයි.
අදාළ කාන්තාවට නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෝදර ප්‍රදේශයේ පිහිටි හෙළමුතු නිවාස සංකිණයේ පිහිටි නිවසක් ලබා දී එයට අදාල කූඨ ලේඛණ සකස් කර මෙම පුද්ගලයා විසින් අදාළ මුදල වංචා කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විර්මශන සිදුකරනු ලබනවා.



