අයගම ගංගොඩකන්ද ප්‍රදේශයේදී ඊයේ (04) සවස නිවසක් ඉදිරිපිට සිටි පුද්ගලයෙකුට අකුණු සැර වැදී අයගම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 62ක වන ගංගොඩකන්ද, අයගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් අයගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.