පාසල් 3,000ක් ඩිජිටල්කරණයට‍

Share

අධ්‍යාපන අමාත්‍යාංශයේ අරමුණ රටේ සියලු‍ දරුවන්ට අධ්‍යාපනයේ සමාන අවස්ථා අත්පත්කරදීම බවත්, එහි එක් පියවරක් වශයෙන් එළඹෙන ජුනි මාසය වනවිට මෙරට උසස් පෙළ සහිත පාසල් ඩිජිටල්කරණයට ලක්කරන බවත්,අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළකළේ ඊයේ (05) යාපනය හින්දු විද්‍යාලයේ පැවති උත්සව අවස්ථාවකට සහභාගී වෙමිනුයි.

නව තාක්ෂණය සමග සෘජුව සම්බන්ධ වෙමින් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට දරුවන්ට අවස්ථාව සලසා දෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

ඒ අනුව, මෙරට උසස් පෙළ සහිත පාසල් 3,000ක් ඩිජිටල්කරණයට ලක් කෙරෙන අතර, මීට අදාළව ගුරුවරුන් පුහුණු කිරීම එළඹෙන මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ පාසල් සියල්ලට ම සුහුරු පුවරු ලබාදෙන බවත් (Smart Interactive Board) අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.

මීට සමගාමීව සෑම අධ්‍යාපන කලාපයක ම පිහිටුවා ඇති පරිගණක සම්පත් මධ්‍යස්ථාන යාවත්කාලීන කර තිබෙනවා.

Read more

Local News