දියේ ගිලී පුද්ගලයෙක් අතුරුදන්

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ රක්කිඳ ජලාශයේ සිට ජලය සපයන ප්‍රධාන ඇළ මාර්ගයේ පවුලේ සාමාජිකයින් සමඟ දිය නෑමට ගොස් සිටි පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදහන්ව තිබෙනවා.

අතුරුදහන් වූ අය වයස අවුරුදු 48 ක් වන දියබෙදුම, හෙනානිගල උතුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අම්පාර ජීවිතාරක්ෂක නිලධාරීන්, දෙහිඅත්තකණ්ඩිය පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදහන් වූ අය සෙවීමේ කටයුතු තවදුරටත් සිදුකර ගෙන යනු ලබනවා.

Previous articleඅනියම් පෙමක් නිසා දිවි අහිමි වෙයි
Next articleදුම්රියේ ගැටී පුද්ගලයෙක් මරුට