මාරක රිය අනතුරකින් දෙදෙනෙක් මරුට – කුඩා දැරියක් රෝහලේ

Share

දඹුල්ල මහනුවර ප්‍රධාන මාර්ගයට වැටෙන අතුරු මාර්ගයේ විහාර හංදිය ප්‍රදේශයේ දී කණ්ඩලම දෙස සිට ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ දකුණු පස අයිනේ සිටි පුද්ගලයෙකුගේ හා දරුවෙකු වඩාගෙන සිටි කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පුද්ගලයා සහ දරුවා වඩාගෙන සිටි කාන්තාව දඹුල්ල රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව පුද්ගලයා සහ කාන්තාව මියගොස් ඇති අතර වයස මාස 09 ක් වන දියණිය නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 45ක් වූ බණ්ඩාරගම ලිපිනයේ පදිංචිකරුවෙකු වන අතර මරණකාරිය වයස අවුරුදු 43ක් වූ කාන්තාවක්.

Read more

Local News