අනුරාධපුර සහීරා විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

Share

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර සහීරා විද්‍යාලයේ ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල සහ තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ඊයේ (27) පෙරවරුවේ සිදුවිය.

සමරු ඵලකය නිරාවරණය කර තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරතවෙමින් සිසු දරුවන්ගේ තොරතුරු විමසීය.

විද්‍යාලයේ ආදි සිසුවෙකු වන කෝසල ජයරත්න සිසුවා විසින් රුපියල් ලක්ෂ 07 ක මුදලක් වැයකරමින් මෙම නව පංතිකාමර ගොඩනැගිල්ලට ඇතුළත් කරන ලද, ස්මාර්ට් පංතිකාමරය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් විද්‍යාල භූමියේ පැළයක් ද රෝපණය කෙරිණි.

එමෙන්ම විද්‍යාලයේ පනස් වසරක ඉතිහාසය තුළ සේවය කළ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ඇගයීමට ලක්කෙරුණු අතර, විද්‍යාලයේ පළමු විදුහල්පතිවරයාට සහ පළමු ගුරුවරයා වෙත තිළිණ ප්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

Read more

Local News