සැකකරුවන් දෙදෙනෙකුට විෂ ශරීරගත වීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්

Share

ආදුරුප්පු වීදියේ පොලිස් සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු විෂ ශරීරගත වීමකින් ඊයේ (07) රෝහල්ගත කරනු ලැබුවා.

පිටතින් පොලිස් ස්ථානයට පැමිණි පුද්ගලයෙකු ලබා දුන් කිරි පැකට්ටුවක් පානය කිරීමෙන් පසුවයි සැකකරුවන් රෝගාතුර වී ඇත්තේ.

ඔවුන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි ප්‍රතිකාර ලබන්නේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි ආදුරුප්පු වීදිය පොලීසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයාගේ සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read more

Local News