ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සර්වඥ ධාතුන් වහන්සේලා ඉන්දියාවේ සිට මෙරටට වැඩම කෙරේ

Share

ඉන්දියාවේ සාරානාත් හි මුලගන්ධ කුටි විහාරයේ තැම්පත් කොට තිබු ගෞතම බුදුරජාණන් වහන්සේගේ උත්තම සර්වඥ ධාතුන් වහන්සේලා ඉන්දියාවේ සිට මෙරටට වැඩමවීම මිට සුළු මොහොතකට පෙර සිදුවුවා. එම අවස්ථාව සඳහා ගංගාරාම විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු, කතානායක කරු ජයසූරිය, අමාත්‍ය ගයන්ත කරුණාතිලක,ඉන්දියානු මහා කොමසාරිස් , මාධ්‍ය ආයතන ප්‍රධානින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමේ අවස්ථාව සියත ටීවී තුලින් සජීවීව නැරඹීමේ අවකාශය ලක්වැසි සියලු දෙනාට උදා කර දෙනු ලැබුවා.


එම සර්වඥ ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර අැති ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ද, නීලගිරි ධාතුන් වහන්සේ ප්‍රදර්ශනයත්, නේපාලයේ හා භූතානයෙන් මෙරටට වැඩම කරවන ලද ඉපැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේලා රැසක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාව ශ්‍රී ලංකා වාසි ජනයාට හෙට 29, 30 මැයි මස 01 සහ 02 දින 4 තුල හැකියාව ලැබෙනවා.

සම්බුදු තෙමගුල මුල් කරගනිමින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ විශාලතම වෙසක් කලාපය සහ සර්වඥ ධාතු ප්‍රදර්ශණය හුණුපිටිය ශ්‍රී ගංගාරාම විහාරස්ථානයත්, අරලියගහ මන්දිරයත් සමගාමීව සිදු කෙරෙන 2018 බුද්ධරශ්මි ජාතික වෙසක් මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ සියත ටි.වී බැතිබර මාධ්‍ය දායකත්වයෙනි.

Read more

Local News