ජුබිලි මාවත,මිරිහාන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී අඹුසැමි යුවලකගේ මළ සිරුරු හමුවී තිබෙනවා.
මෙලෙස සොයාගෙන ඇත්තේ වයස අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකුගේ සහ වයස අවුරුදු 96ක කාන්තාවකගේ මළ සිරුරුයි.
දින කිහිපයක සිට අදාළ නිවසින් දුගදක් හමන බවට අසල් වැසියෙකු විසින් මිරිහාන පොලිසියට සිදුකල දැනුම්දීමකට අනුව අදාළ සිරුරු සොයා ගෙන තිබෙනවා.
පොලිස් ස්ථානයේ නිලධාරින් එම නිවසට ගොස් පරීක්ෂා කිරීමේදී ,නිවසේ කාමරයක ඇදක් මත දින කිහිපයකට පෙර මියගිය පිරිමි පුද්ගලයාගේ මළ සිරුර තිබී හමුව ඇති අතර මිය ගිය කාන්තාවාග් නිරුවත් මළ සිරුර එම නිවසේ මුළුතැන්ගෙයි තිබී හමුව තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



