කොළඹ ප්රදේශ කිහිපයකට අද පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරනවා.
එම මණ්ඩලය සඳහන් කළේ, කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.
අද (10) පස්වරු 5.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා පැය 15ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.



