මාරක රිය අනතුරකින් තරුණයෙකු මරුට

Share

රත්නපුර නගරයේදී ඊයේ (11) සවස කොළඹ දෙස සිට රත්නපුර දෙසට ධාවනය වූ කාර් රථයක්, ඉදිරියෙන් පැමිණි යතුරු පැදි 03 ක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරුවන් තිදෙනා සහ පසු පැදිකරුවන් දෙදෙනෙකු රත්නපුර රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 20ක නඩුකාරදෙණිය, කුරුවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

කාර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රත්නපුර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Read more

Local News