ඇහැළියගොඩ කිරිඇල්ල මාර්ගයේ හඳුරංගල ප්‍රදේශයේ දී ඊයේ (11) වෑන් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා ඇහැළියගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 66ක හඳුරංගල, කිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් අදාළ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඇහැළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.