තැන තැන සිදුවන යතුරුපැදි අනතුරු

Share

බෙලිඅත්ත මාර්ගයේ කුඩාහිල්ල 07 කණුව අසල දී ඊයේ (12) සවස මාතර සිට මිද්දෙණිය දක්වා ධාවනය වූ බස් රථයක පිටුපස රෝදය ගැලවී යාමෙන් මාර්ගයේ ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පසු යතුරුපැදිය පෙරලී බස් රථයේ පිටුපස රෝදයට යටවීමෙන් යතුරුපැදිකරු බරපතල තුවාල ලබා බෙලිඅත්ත හත්බෝධිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 28ක කුඩාහිල්ල, බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර කුංචිකුලම කඩවීදිය ප්‍රදේශයේදීත් ඊයේ (12) උදෑසන යතුරුපැදි අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ එක් යතුරුපැදිකරුවකු රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 37ක කුංචිකුලම, ඉපලෝගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News