අද, හෙට දිවයිනේ සියලු ම සුරාසැල් ඇතුළු කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසයි

Share

අප්‍රේල් මස 26 දින සිට මැයි මස 02 වන දින දක්වා කාලය වෙසක් සතිය වශයෙන් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ශ්‍රී බුද්ධ වර්ෂ 2562 ක් වූ මෙවර වෙසක් උළෙල අද (29) හා හෙට (30) යන දෙදිනට යෙදී ඇත.
එබැවින් දිවයිනේ පිහිටි සියලු ම සුරාසැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳසැල්වල මත්පැන් අලෙවිය නැවැත්වීමටත්, සතුන් මරණ ස්ථාන, රේස් බුකි, කැසිනෝ ශාලා හා සමාජ ශාලා වසා තැබීමටත්, මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළඳ සැල්වල මස් මාංශ අලෙවි කිරීම නැවැත්වීමට කටයුතු කරන ලෙස රජය විසින් දන්වා ඇත.

Read more

Local News