ඇමති කෙහෙළිය රෝගී තත්ත්වයන් බොහෝමයකින් පෙළෙන බව නීතීඥවරයා අධිකරණයට කියයි

Share

ආන්දෝලනාත්මක ඖෂධ ගනුදෙනුවට පාදක වන හදිසි මිලදී ගැනීම්වලට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවල මුල්ගොනු නැති බව නියෝඡ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට කරුණු වාර්තා කළා.

ඒ මීට අදාළ නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදීයි.

හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රෝගී තත්ත්වයන් බොහෝමයකින් පෙළෙන බවත් ඊට අදාළ අන්තර්ජාලයෙන් ලබා ගත් ලේඛන ඔහුගේ නීතීඥවරයා අධිකරණයට ඉදිරිපත් කළා.

කෙසේ වෙතත් එය ඡායා පිටපත් බැවින් මහේස්ත්‍රාත්වරිය එය භාර ගත්තේ නැහැ.

අනතුරුව සියලු සැකකරුවන් ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

Read more

Local News