බස්නාහිර සහ සබරගමුව පළාත්වල ප.ව. 4.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට සහ මහනුවර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.



