තැන තැන සිදුවන යතුරුපැදි අනතුරු

Share

ගම්පහ බැලුම්මහර මාර්ගයේ දී ඊයේ (18) උදෑසන මෝටර් රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි යතුරුපැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ අවුරුදු 71ක ගම්පහ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර කටුපොත, රඹාවැව මාර්ගයේ කටුමුළුව ප්‍රදේශයේදී ද ඊයේ (18) යතුරුපැදියක් පා පැදියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පා පැදිකරු කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ අවුරුදු 80ක කනත්තේවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News