බොරැල්ල, ආනන්ද රාජකරුණා මාවත ප්‍රදේශයේ මහල් නිවාසය තුළදී ඊයේ (19) රාත්‍රීයේ වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 38ක නාගලගම්වීදිය, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



