පාලනයෙන් ගිලිහුණු ලොරි රථ අනතුරින් රියදුරු මරුට

Share

දඹුල්ල කුරුණෑගල මාර්‌ගයේ පන්ලියද්ද ප්‍රදේශයේදී ඊයේ (20) සවස ධාවනය වූ ලොරි රථයක ඉදිරිපස ටයරය පුපුරායාම හේතුවෙන් රියදුරුට රථය පාලනය කරගැනීමට නොහැකිව විරුද්ධ දිසාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු හා එහි ගමන්ගත් කාන්තාවන් දෙදෙනෙකු පොල්ගොල්ල රෝහලට ඇතුළත් කිරීමේදී රියදුරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ අවුරුදු 58ක රත්මලේවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මැල්සිරිපුර පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබනවා.

Read more

Local News