ගල්කිස්ස පොලිස් වසමේ රත්මාලන ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස ඖෂධසැලක් පවත්වාගෙන යාම හා වෛද්‍යවරයෙකුගේ අනුමැතිය නොමැතිව අලෙවි කිරීමට තහනම් කර ඇති නිතී විරෝධී ඖෂධ අලෙවි කිරීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ඖෂධ අලෙවිසැලේ තිබී නීති විරෝධී මත් කරල් 9032ක් පොලිසිය විසින් සොයා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 42ක් වන අත්තිඩිය, දෙහිවල ප්‍රදේශයේ පදිංචිකාරියක්.



