ලොරි රථ අනතුරකින් පදිකයෙක් මරුට

Share

මාවතගම, මහනුවර කුරුණෑගල මාර්ගයේ ඊයේ (20) දහවල්, ධාවනය වූ ලොරි රථයක් මාර්ගයේ ගමන්කරමින් සිටි පදිකයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ අවුරුදු 53ක යාලේගම, පිලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News