රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

Share

දෙහිවල, කඩවත පාර ප්‍රදේශයේදී ඊයේ (21) උදෑසන සිදු වූ රිය අනතුරකින් අසාධ්‍ය තත්ත්වයේ සිටි පුද්ගලයෙකු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 52ක කටුබැද්ද, මොරටුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් දෙහිවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News