පිටකොටුව, දෙවන හරස් වීදිය ප්‍රදේශයේදී, ඊයේ (21) දහවල් මිනිස් සිරුරට අහිතකර රූපලාවන්‍ය ආලේපන අලෙවිකළ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ වලාන දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.
මෙහිදී විවිධ ආලේපන 1143ක් පිටකොටුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්කර තිබෙනවා.
මෙම ආලේපන වර්ගවල ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන්ට අනුව මිනිස් සිරුරට ප්‍රබල හානිකරන තත්ත්වයක් ඇති කරන රසායනික සංයෝග අඩංගු වන බවටයි හෙළි වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 22, 25, 45 හා 52 වයස්වල පසුවන කළගෙඩිහේන, මොරටුව හා වත්තල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් පිටකොටුව පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



