නවම් පුන් පොහොය දිනය අදට (23)යෙදී තිබෙනවා.
නවම් පුර පසළොස්වක පොහොය දිනය, ශ්‍රී ලාංකීය අපට වගේම ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ඉතාමත් සුවිශේෂී වූ දිනයක්.
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බුද්ධ ශාසනයෙහි තනතුරු ලැබුවේත්, මහා කාශ්‍යප තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රථම ධර්ම සංගායනාව සිදු වී ඇත්තෙත් අදවන් උතුම් පුන් පොහෝය දිනයකදී යි.
බුදුරජාණන් වහන්සේ ආයුසංස්කාරය අත් හරිනු ලැබුවේත් නවම් පුන් පොහෝ දිනයෙදී යි.



