මෝදර, ලෙල්ලම ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුව වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීමේ අපරාධයට ආධාර අනුබලදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (22) සිදුකළ වැටලීමකදී යි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එක් සැකකරුවෙකු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 451ක් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.



