ඇල්ල කඳුවැටියෙන් වැටී පුද්ගලයෙකු මරුට

Share

ඇල්ල කඳු වැටියෙන් ඇද වැටි පුද්ගලයෙකු වැල්ලවාය රෝහලට ඇතුළත් කිරීමේදී ඊයේ (22) මියගොස් තිබෙනවා.

මියගොස් ඇත්තේ අවුරුදු 32ක බොරගොල්ල, බේරුවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයා තවත් මිතුරෙකු සමඟ ඇල්ල කඳුවැටියට නැගීමට ගොස් තිබෙනවා.

අනතුරුව ඊයේ සවස් කාලයේදී ඉන් බැසීමට යන අවස්ථාවේදී ඔහු ප්‍රපාතයකට ඇදවැටී ඇති බවයි සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ.

Read more

Local News