තංගල්ල දෙස සිට මාතර දෙසට ධාවනය වූ ලොරි රථයක ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ත්රීරෝද රථයේ ගමන් කල පුද්ගලයින් පස් දෙනෙකු බරපතල තුවාල ලබා තලල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව කාන්තාවක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ත්රීරෝද රථයේ රියදුරු ඇතුළු සිව් දෙනෙකු වැඩිදුර ප්රතිකාර සඳහා මාතර රෝහලට යොමු කර තිබෙනවා.
මරණකාරිය වයස අවුරුදු 31ක් වූ කප්පරවැල්ල, කෝට්ටගොඩ ප්රදේශයේ පදිංචිකාරියක්.
මරණකාරියගේ සැමියා ත්රීරෝද රථයේ රියදුරු වශයෙන් සිට ඇති අතර ත්රීරෝද රථයේ පිටුපස අසුනෙහි මරණකාරිය, ඇයගේ අවුරුදු 14 ක දියණිය, මාස 11 ක පුත්රයා සහ වයස අවුරුදු 15ක් වන ඥාති පුත්රයෙකු ද සිට තිබෙනවා.



