පන්නල, මාකඳුරේ ඉන්ධන පිරවුම්හලක් කොල්ලකයි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ පන්නල, මාකඳුරේ ගෝනවිල ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක් අද (03) අළුයම් කාලයේ දී කොල්ල කා ඇති බවයි.
අළුයම 01.00ට පමණ අදාළ ඉන්ධන පිරවුම්හලට පැමිණි කාර් රථයක මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් එහි සේවයේ යෙදී සිටි දෙදෙනෙකුට මන්නා පිහි දෙකක් පෙන්වා තර්ජනය කර බිය ගන්වා ඔවුන් සතුව තිබූ රුපියල් 70,000ක මුදලක් කොල්ල කා පලා ගොස් ඇත.
සැකකරුවන් පිළිබඳ මෙතෙක් කිසිදු තොරතුරුක් අනාවරණය වී නොමැත.
Exit mobile version