දක්ෂිණ අධිවේගී මාර්ගයේ 3.1 ආර් සහ 3.2 ආර් අතර ප්රදේශයේදී ඊයේ (26) අළුයම ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ධාවනය වූ ලොරි රථයක පිටුපස ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ලොරි රථ රියදුරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 54ක ගින්තොට, රත්ගම ප්රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



