කන්තලේ සේරුනුවර මාර්ගයේ කිලෝමිටර් 11 කණුව ආසන්නයේදී, ඊයේ (26) සවස ධාවනය වූ යතුරුපැදියක් ටිපර් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු කන්තලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 60ක රජඇල, කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.



