අනියම් සම්බන්ධයක් දුරදිග යයි – කාන්තාවක් මරුට

Share

වඳුරඹ පොලිස් වසමේ නාත්තේවල ප්‍රදේශයේ අතුරු මාර්ගයක කාන්තාවක් තුවාල ලබා වැටී සිටින බවට 119 තොරතුරු මධ්‍යස්ථානයෙන් ලද පණිවිඩයක් මත වඳුරඹ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වූ වඳුරඹ ප්‍රදේශයේ පදිංචිකාරියක් බවයි වාර්තා වන්නේ.

මරණකාරිය සමඟ අනියම් සම්බන්ධතාවයක් පවත්වන ලද පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

මෙම ඝාතනය සිදුකළ සැකකරු වස පානය කර සිය දිවි නාසා ගැනීමට උත්සාහ කර ඇති අතර පසුව කරාපිටිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Read more

Local News