ආරවුලක් දුරදිග යයි – පුද්ගලයෙකු මරුට

Share

වැලිපැන්න, පැලකැටියාගොඩ, හොරවල ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රියේ පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනයකර තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක පැලකැටියාගොඩ, හොරවල, වැලිපැන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පුද්ගලික ආරවුලක් මෙම ඝාතනයට හේතුව වී ඇති බවට සිදුකළ විමර්ශනවලදී කරුණු අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිපැන්න පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Read more

Local News