මුන්දලම, පුලිච්චාකුලම උඩප්පුව දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (28) සවස දුම්රිය මාර්ගය හරහා ගමන් කල යතුරුපැදියක් කොළඹ කොටුව සිට පුත්තලම දක්වා ධාවනය වූ දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් යතුරුපැදිකරු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 19ක පුලිච්චාකුලම, බත්තුළුඔය ප්රදේශයේ පදිංචිකරුවෙක්.



