කටුනායක, වල්පොල ප්රදේශයේ පාළු නිවසක් ඉදිරිපිට තිබී ඊයේ (29) උදෑසන කාන්තාවගේ මළ සිරුරක් හමුව තිබෙනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක කටියල, දෙමංහන්දිය ප්රදේශයේ පදිංචිකාරියක්.
මෙම කාන්තාව තම ස්වාමිපුරුෂයාගේ මව, පියා හා දියණිය සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර පසුගිය මස 25වන දින වල්පොල ප්රදේශයේ පදිංචි තම ඥාතී නිවසට යන බව පවසා නිවසින් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



