විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිසම් අද (01) යළි රැස්වීමට නියමිතයි.
විදුලි ගාස්තු 37% කින් අඩු කළයුතු බවයි ලංකා විදුලි සේවක සංගමයේ ප්රධාන ලේකම් රංජන් ජයලාල් පවසන්නේ.
මේ අතර මාර්තු මාසයට අදාළව ඉන්ධන සහ ගෑස් මිල ගණන්වල කිසිඳු වෙනසක් සිදුකරන්නේ නැති බවයි අදාළ සමාගම් සහ ආයතන ප්රකාශ කළේ.



