ලෝක සාමය වෙනුවෙන් ශ්‍රී ලංකාව මැදිහත් වියයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඔහු මෙම අදහස් පළකළේ ඊයේ (29) චීන වරාය ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යායතනයේ පැවති කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලියට එක්වෙමින්.
මෙම විසිරයාම රාත්‍රි කාලයේ පවත්වා ඇති අතර එවැනි උත්සවයක් රාත්‍රියේ පවත්වා ඇත්තේ ප්‍රථමවරට වීම විශේෂත්වයක්.



